නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා - දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී

    ජූලි 07, 2015
    මෙවර මැතිවරණයේදී  මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් කිසිදු නීති විරෝධි ක්‍රියාවකට ඉඩ නොතබන බවත් මාතලේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නීල්ද අල්විස් මහතා පැවසීය.
     
    මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන තිබෙන බවත් නාම යෝජනා භාරගන්නා ස්ථානයට ඇතුලුවිය හැක්කේ අවසරලත් අයට පමණක් බවත් පෙලපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත් තේරීම්භාර නිලධාරීවරයා පැවසීය.
     
     
    මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පැවසූවේ  මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක වන්නේ දැයි විර්ශනය කිරිම පිණිස  පොලිස් මැතිවරණ විමර්ශන සහ සම්බන්ධීකරණ කාර්යාලයක් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ විමර්ශන සහ සම්බන්ධීකරණ කාර්යාලයක්  දිසා ලේකම් කාර්යාලයේ අද සිට ක්‍රියාත්මක වන බවයි.
     
     
    නාම යෝජනා භාර ගන්නා කාලයේදී නිලධාරීන් 190 කින් යුත් පොලිස් බල ඇණියක් ආරක්ෂාව සදහා යොදවා ඇති අතර මැතිවරණය සදහා නිලධාරීන් 4500 ක් පමණ යොදවා ගැනීමට බලාපොරොත්තුවන බවද සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
     
     
    ජන්දය ප්‍රකාශ කිරිමේදි පිළිගත් හැදුනුම්පත්වලට අමතරව තාවකාලික හැදුනුම් පත්‍ නිකුත් කිරීම ග්‍රාමනිලධාරීන් මගින් මේවන විට සිදු කරන අතර පසුගිය ජනාධිපතිවරණය සදහා නිකුත් කළ තාවකාලික හැදුනුම්පත් මෙවර මැතිවරණය සදහා වලංගුවන බවද සහකාර කොමසාරිස්වරයා පැවසීය.
     
     
    මෙවර මැතිවරණයේදී  2014 ජන්ද හිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික්කයේ 379,675 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබාසිටි.
     
     
    AP/DMU- Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya