පරිසර නියමු සිසු දරුවන් 100කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පරිසර කඳවුර උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් බවට පත්කරලීමේ අරමුණ ඇතිව මධ්‍යම පරිසර අධිකරිය ක්‍රියාත්මක කරන ජාතික පරිසර නියමු වැඩසටහන වන පරිසර නියමු කඳවුරු සංවිධනය මේ වනවිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරමින් පවතී.
පොළොන්නරුව දිස්ත්‍රික් කඳවුර තුළ සිදු කෙරෙන සුවිශේෂ අංගය ලෙසින් පරිසර නියමු සිසු දරුවන් සඳහා ''රජත වර්ණ'' පදක්කම් ප්‍රදානයට විශේෂත්වයක් හිමිවන අතර පරිසර නියමු වැඩසටහනට සම්බන්ධ වී පාසල තුළ දැක් වූ කුසළතාව වෙනුවෙන් ඔවුන් මෙලෙස ඇඟයීමට ලක් කෙරෙනු ඇත.
පරිසර විෂය ක්ෂේත්‍රය පිළිබඳව න්‍යායික දැනුම ඵලදායීව සන්නිවේදනය කරවීමේ අරමුණින් විශ්වවිද්‍යාල මහාචාර්යවරු සහ පරිසර විෂය ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ සහ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් දේශන කීපයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙහි ප්‍රධාන දේශනය ''මිනිසා සහ පරිසරය අතර අන්තර් සම්බන්ධතාව'' මැයෙන් සිදු කිරීමට නියමිතය.