නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු භාෂා විභාගයට අපේක්‍ෂකයින් 12,201ක්-රැකියා අවස්ථා පන්දහසක්

    ජූනි 17, 2015
    14 වන කොරියානු භාෂා ප‍්‍රවීනතා  විභාගය පසුගියදා නිමාවට පත් වූ අතර එම විභාගය සඳහා අපේක්‍ෂකයින් 12,201 දෙනෙකු පෙනී සිට ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
     
     
     
    මෙවර විභාගයෙන් 5000ක් පමණ තෝරා ගැනීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කොරියානු කම්කරු අමාත්‍යංශයේ හා මානව සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා එරට දී සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවේදී මෙවර විභාගය සමත්වන අපේක්‍ෂකයින් 5000කට එරට නිෂ්පාදන අංශයේ රැකියා ලබාදීමට එකඟ වී ඇතැයි ද විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
     
    මෙවර විභාගය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, කොරියානු භාෂා විභාගය සමත් වූ පමණින් අනිවාර්යයෙන් රැකියාවක් ලබාදීමට බැඳී නොසිටින බවයි. එය එරට රැකියාවක් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම පමණක් වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
     
    කොළඹ පිහිටි මධ්‍යස්ථාන 4ක විභාගය පැවැත්විණි. මෙවර විභාගයට අපේක්‍ෂකයින් 881 දෙනෙකු පැමිණ නොමැත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya