නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුල් 22%කගේ නිවාස ප්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා

    ජූනි 16, 2015
    ශ්‍රී ලංකාවේ වෙසෙන ලක්ෂ 51ක් වන මුළු පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ 12ක් එනම් 22%ක් මුහුණ දී සිටන නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා වත්මන් රජය කටයුතු කරමින් පවතින බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින අනුරාධපුර යොවුන් නිකේතනයේ පැවැති විශේෂ උත්සවයකට සහභාගි වෙමිනි.
     
    මෙහිදී "සැමට සෙවණ" නිවාස වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 2100කට රුපියල් 100,000බැගින් අඩු පොලී නිවාස ණය සහ පවුල් 500කට "දිරිය සවිය" ස්වයං රැකියා ණය ප්‍රදානය කිරීම සිදු විය.
     
    "අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස හතේ එක් කොට්ඨාසයකින් පවුල් 300බැගින් තෝරාගෙන දිස්ත්‍රික්කයේ නිවාස වැඩපිළිවෙළ නිල වශයෙන් ආරම්භ කළා. ඒ අනුව ඉන් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 2100ක් වනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිදියුණු කළ යුතු නිවාස 41,000ක් පවතිනවා. අලුතින් ම ඉදිකිරීමට ඇති නිවාස සංඛ්‍යාව 17,000ක් ලෙස සටහන් වෙනවා". 
     
    වත්මන් යහපාලන රජයේ ජනාධිපතිතුමාගේත්, අග්‍රාමාත්‍යවරයාගේත් මාර්ගෝපදේශකත්වය යටතේ නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය හරහා රට පුරාවට ශක්තිමත් සංවර්ධන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ග්‍රාමීය නිවාස සංවර්ධනය පිළිබඳ වගකීම තමන්වෙත වැඩිවශයෙන් පැවරී ඇති බවත් රටේ ග්‍රාමීය නිවාස පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා අප සතුව ඇති සීමිත සම්පත්වලින් කෙටි කාලයක් තුළ උසස් ඉලක්කයක් කරා යාම අරමුණ බවත් පෙන්වා දුන්නේය.
     
    "නිවාස 50,000 "සැමට සෙවණ" වැඩසටහන මැතිවරණ පොරොන්දුවක් නොවේ. මේ ඉලක්කය රටට ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයෙන් පසුවයි. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුණේ නිවෙසක් නොමැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවට නිවාස සහන ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බවයි. බලයට පත් වූ විගසම ඒ රාමුව තුළ ඒ ප්‍රකාශයට අංකයක් ලබාදී නිශ්චිත නිවාස ප්‍රමාණයක් සඳහන් කර බරපතල අභියෝගයක් අප අතට ගත්තා. එනම් 2015 වසර තුළ නිවාස 50,000ක් නිමකර එහි අයිතිය නිවාස නොමැති පොදු ජනතා අයිතියට පැවරීමයි".
     
    වත්මන් රජයේ මෙම වැඩපිළිවෙළ හරහා රටේ මුළු පවුල් ලක්ෂ 51න් පවුල් ලක්ෂ 35කට ණය ලැබෙන බවත් අද දිනයේ දී නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය හරහා මිලියන 260ක් බෙදාදෙන්නේ පොඩි මිනිසා නඟාසිටුවීමට බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya