මෙහි අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා අතර සිදු විය.
දෛනිකව එකතුවන දිරාපත්වන කසළ භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන වැඩපිළිවෙලක් ඇරඹීමටත් එමඟින් අපද්‍රව්‍ය කළමනාකරණයට අවශ්‍ය පුළුල් වැඩසටහනක් දක්වා වර්ධනය කිරීමටත් මධ්‍යම පරිසර අධිකාරිය බලාපොරොත්තු වෙයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩර මහතා පවසා සිටියේ,මධ්‍යම පරිසර අධිකාරිය වැනි ජාතික ආයතනයක් මෙලෙස අපගේ විශ්වවිද්‍යලයට පැමිණ මෙවැනි කටයුත්තකට දායකවීම අගය කරන බවය. මේ වනවිට අරඹා ඇති හරිත විශ්වවිද්‍යාල සංකල්පය යථාර්තයක් බවට පත්කරලීමට එය වැදගත් දිරිගැන්වීමක් බවද උපකුලපතිවරයා පවසා තිබේ.
විශ්වවිද්‍යාල කීපයක මේවන විට අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලක් අරඹා ඇති බවත් ඉදිරියට එම වැඩපිළිවෙල පුළුල් කරමින් රටේ දියුණුව සමඟ සුන්දර පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙල මධ්‍යම පරිසර අධිකරිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.