අධ්‍යාපන අමත්‍යාංශයේ සහයෝගය ඇතිව මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
පාසල් පරිශ්‍රය තුළ පවිත්‍රතාවය,ඉගෙනුම් පරිසරය හා පාරිසරික ක්‍රියාකාරීත්වය ඇගයීමට ලක් කරමින් ජයග්‍රාහී පාසල් තෝරා ගැනීමට කටයුතු කෙරේ.
ජයග්‍රාහී පාසල් සඳහා ත්‍යාග සහ සහතික ප්‍රදනය වර්ෂ අවසානයේ දී සිදු කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මෙම තරඟයට ඇතුළත්වීමට කැමති පාසල් පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය ( මාධ්‍ය ඒකකය ) මධ්‍යම පරිසර අධිකාරිය,අංක 104 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට හෝ දූරකතන අංක 0112873449 ඇමතීමෙන් ලබාගත හැක.අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය ජුනි 30 දිනෙන් අවසන් වෙයි.