නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරමාධිපත්‍යය නිසි ලෙස භාවිත කිරීම අප සැමගේ ම වගකීමක්

    ජූනි 13, 2015
    ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට අප ලබාගත් විශිෂ්ටත ම ජයග්‍රහණය වන පරමාධිපත්‍යය නිසි ලෙස භාවිත කිරීම අප සැමගේ ම වගකීමක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.
     
    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ, පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති ජූනි 01දාට යෙදී තිබුණු ඡන්ද දායකයන්ගේ දිනය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මඟින් සංවිධානය කළ ප්‍රචාරාත්මක පාගමනට අනතුරුව පැවැත්වූ සැමරුම් උත්සවයේදීය.
     
    ඡන්දයක් පවත්වන සෑමවිටක ම ඒ ඒ රජයන්ට ඡන්දය සඳහා අධික වියදමක් දැරීමට සිදු වේ. ඇතැම් විටකදී 35%ක් පමණ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනවා. ඡන්දය ප්‍රකාශ කරන්නන් ඡන්දය අවලංගු වන සේ කටයුතු කරන බවත් මෙය ශෝචනීය තත්ත්වයක් වන අතර ඡන්දය ප්‍රකාශ නොකිරීම 10%කටත් වඩා අඩු මට්ටමක තිබිය යුතු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
     
    සෑම පුරවැසියෙකු ම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් වීම ඉතා වැදගත් වෙනවා. මෙම ක්‍රියාවලියට සෑම පුරවැසියෙකුගේම සහයෝගය ඉතා වැදගත් වෙනවා යැයි ද ඔහු පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පී.ඒ.එස්. සේනාරත්න මහතා, ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීමේ වැදගත්කම පැහැදිලි කළේය. මේ ලියාපදිංචියේදී ඉහළ ආදායම් ලබන සහ පහළ ආදායම් ලබන පුද්ගලයන්ගේ ලියාපදිංචියේදී ගැටලු ඇති බව ඒ මහතා පැහැදිලි කළේය.
     
    ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය සෑම වසරක ම ජූනි මාසයේදී සිදු කෙරේ. ග්‍රාම නිලධාරියාගෙන් තම නිවසට ලියාපදිංචියට අදාළ පෝරමය නොලැබුණහොත් පෝරමයක් ලබා ගෙන නිවෙස් හිමියා විසින් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරිවරයාට භාරදීමයි. කිසියම් පුද්ගලයෙකු කිසිම ස්ථානයක ලියාපදිංචි වී නැත්නම් වහාම තම ලියාපදිංචිය තහවුරු කර ගත යුතුයි. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් කිසියම් ලිපියක් ලද හොත් වහාම එම ලිපියට පිළිතුරු යවන ලෙස ද නැතහොත් සමහර අවස්ථාවලදී එය බරපතල ප්‍රශ්නයක් වන බව ද ඔහු සඳහන් කළේය.
     
    NDH/dmu_Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya