දේශීය හා විදේශීය වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍ය උපාධි සුදුසුකම් ලැබ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචි ලැබ සුදුසුකම් ලැබූ වෛද්‍ය නිලධාරීන් 341 දෙනෙකු සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ උත්සවයට ඊයේ (10) එක්වෙමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, වෛද්‍ය වෘත්තීය තරම් උතුම් රැකියාවක් රටක තවත් නැහැ. තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කියලා දෙමාපියන්ට කිසිම රැකියාවක නැති සතුටක් ලබන්න පුළුවන්. වෛද්‍යවරයාට හොඳ පඩියක්, දීමනා, අතිකාල ගෙවනවා. ඒ විතරක් නොවෙයි පිං අයිති වෙන රස්සාවක්. එතකොට බෝධි පූජා ඕන නැහැ. පලතුරු වට්ටි අරගෙන දාහේ නෝට්ටු තියලා දෙවියන්ට පූජා කරන්න ඕන නැහැ. දෙවියෝ ඉස්සරහා යාඥා කරන්න ඕන නැහැ. ඒ සියල්ල මේ වෛද්‍ය සේවාවෙන් තමුන්ට ලැබෙනවා.
මුදල් මතම යැපෙන්න එපා. මුදල් හම්බ කරන්න සාධාරණ ලෙසට. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි මුදල්වලට කෑදර වෙන්න එපා. රෝගීන්ට තමන්ගෙන් විය යුතු සේවාව නිසි ලෙස සපයන්න. වෛද්‍යවරයෙකුගේ පුද්ගලික දුර්වලතා හෝ ගැටලු කුමක් වුවද, ඔවුන් සිය රාජකාරිය විශේෂයෙන් කැපවී ඉටුකරන්නේ නම් ඒ සඳහා සලකා බැලීමට සාමාන්‍ය නීති රෙගුලාසි යටතේ නොහැකියි. විවිධ දුර්වලකම් තිබුණත් සමහර වෛද්‍යවරයෙක් තමන්ගේ රාජකාරිය විශේෂයෙන්ම කැපවී ඉටුකරනවා. වෛද්‍යවරුන් මුළු දවසම තියෙටර් එකේ. නැත්නම් වසරකට ජීවිත විශාල ගණනක් බේරගන්න බැහැ. ඒ අය ගැන අපි වෙනම ම බලන්න ඕනෑ. එවැනි කැපවීමක් කරන වෛද්‍යවරුන් ලංකාවේ කොහේ හරි ඉන්නවා නම් ඔවුන්ට අපි විශේෂයෙන් සලකන්න ඕනෑ යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පුහුණූ හා පර්යේෂණ) වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න යන මහත්හු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
NDH