කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ උපදෙස් පරිදි ආරම්භ කිරීමට පියවර ගැනේ. මෙහි ප්‍රධාන පරමාර්ථය වනුයේ රැකවරණය හා ආරක්ෂාව අවශ්‍ය කාන්තාවන්ට කඩිනම් හා වඩා පුළුල් සේවාවක් සැපයීමයි.
මේ ව්‍යාපෘතිය සඳහා අනිත් සාක් රටවලින් ආධාර මුදල් දීම සඳහා එකඟතාව පළ කරන සාකච්ඡාවක් පසුගිය දා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දී කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා සාක් රටවල මෙම ව්‍යාපෘතියට මුදල් ලබාදෙන බංගලාදේශයේ කාන්තා කටයුතු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති කළමනාකරු අබිදුල් හුසේන් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.