රජයේ අතුරු සහන අයවැය යටතේ රබර් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා නියම කළ රුපියල් 350 සහතික මිල ලබාදීමට ලියාපදිංචි වී සිටීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දැනට දිස්ත්‍රික්කයේ කුඩා රබර් හිමියන් 33,700ක් පමණ සිටින අතර රබර් එකතු කිරීමේ මධ්‍යස්ථාන 405ක් පවතී.
නමුත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනලට අනුව ලියාපදිංචි වී සිටින රබර් හිමියන්ගෙන් කුඩා ප්‍රතිශතයකි.
අමු රබර් කිරි හෝ ෂීට් රබර් යන වර්ගවල කිලෝ ග්‍රෑම් 1ක වෙළෙඳ පොළේ විකුණා ලැබෙන මුදල රුපියල් 350කට අඩුවන සෑම අවස්ථාකම එම බිල්පත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කිරීමෙන් ඉතිරි මුදල් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට සෑම රබර් හිමියෙකුට ම අවස්ථාවක් හිමි වේ.
kpm/SP_DMU_kaluthara