එහිදී එක්දින ජාතික හැදුනුම්පත් ලබාදීම, අක්ෂි රෝග පරික්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍යතාවය මත ඇස් කණ්නාඩි බෙදාදීම, දන්ත වෛද්‍ය හා ආයුර්වේද ආදි සායනයන් ද පැවැත්විණි.
මීට අමතර ව පාසල් දරුවන් අතර අභ්‍යාස පොත් බෙදාදීමක් ද සිදු වූ අතර ප්‍රදේශයේ සුනඛයන් සඳහා ජලභීතිකා එන්නත් කිරීම ද සිදු විය.
මෙහිදී දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පූර්ණ අනුග්‍රහය යටතේ උරග විශේෂ ප්‍රදර්ශනය කිරීමක් ද සිදු විය.
පොලිස් මූලස්ථානයේ පොලිස් පරීක්ෂක ඩබ්.ඩී.එල්.එන්. රොඩ්රිගෝ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB