පසුගියදා පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන් අතර, ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා අදාළ ප්‍රතිපාදන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා යැවීමට එකඟත්වය පළ කළේය.
2011 වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ අහපත් කාලගුණික තත්ත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ආපදාවන්ට ලක් විය. එසේ ආපදාවන්ට ලක් වූවන්ගෙන් පිරිසක් ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් කළ අතර, රජයේ මැදිහත්වීමෙන් ඔවුන් වෙත විකල්ප ඉඩම් කට්ටි ලබා දීමටද සැළසුම් කරන ලදී. ඒ සඳහා දෙල්තොට ගලහ වත්ත ප්‍රදේශය තෝරා ගෙන ඉඩම් කට්ටි 494 ක් වෙන් කර තිබෙන අතර, එයින් ඉඩම් කට්ටි 310 ක් බෙදා දී තිබේ.
ඉඩම් ලබා දුන් පිරිසෙන් පවුල් 10ක් මේ වන විටත් එම ප්‍රදේශයේ පදිංචිවී සිටින අතර, ඉතිරි පිරිස ඉදිරියේදී පදිංචි කිරීමට නියමිතය. නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් ලබා දී නොමැති බැවින් මෙතෙක් ඉඩම්ලාභීන් එම ප්‍රදේශයේ පදිංචි කිරීම ප්‍රමාද වී තිබේ.
ඒ අනුව අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා වැය කිරීමට අපේක්ෂිත රුපියල් මිලයන 12 මුදල ඉක්මනින් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන් අමාත්‍ය කිරිඇල්ල මහතා, හැකිතාක් ඉක්මනින් ආපදාවන්ට ලක්වූ එම ජනතාවට සහන ලබාදී ඔවුන් එම ප්‍රදේශවල පදිංචි කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධිකරණය කර දෙන ලෙසද මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.