නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරුවන් වෙනුවෙන් "නිවාස වැඩසටහන" ක්‍රියාවට නැංවේ

    මැයි 23, 2015
    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ ආබාධිත රණවිරුවන් සඳහා නිවාස ලබාදීමේ "නව නිවාස ව්‍යාපෘතියේ" වැඩකටයුතු සියලු රෙජිමේන්තු විසින් ආරම්භ කොට ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.
     
    ඒ අනුව පසුගිය 15දා වන විට රෙජිමේන්තු 18ක් කඩිනමින් ඒ සඳහා ක්‍රියාත්මක වී නව නිවාස 35ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලදි. නිවාස ඉදිකිරීමේ දී එක් රෙජිමේන්තුවකින් ප්‍රමුඛත්වය මත පවුල් 02ක් තෝරාගෙන ඇත. එමෙන් ම නිවාස අවැසි අයවලුන්ගේ අභිමතයට සරිලන පරිදි ඇස්තමේන්තුව මිලියන 1.5 කට නොවැඩි සැලැස්මක් අනුව මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ.
     
    පළමු අදියර යටතේ නිවාස ඉදිකිරිම සඳහා ඇස්තමේන්තු ගත මුදලින් 60% ක් රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සපයන අතර, ඉතිරි 40% ක ප්‍රමාණය යුද හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සපයනු ඇත.
     
    2009 වර්ෂයට පෙර යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකාවේ සැබෑ දේශප්‍රේමී පුත්‍රයන් ලෙස රටට වටිනා සේවයක් කර දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හා ආබාධිත රණවිරුන් වෙත ඔවුනට අවශ්‍ය නිවාස ලබාදීමේ අරමුණින් මෙම නව වැඩසටහන යුද හමුදාපති විසින් ක්‍රියාවට නංවා ඇත.
     
    මියගිය රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට සහ ආබාධිත රණවිරුවන් සඳහා ප්‍රමුඛත්වය දෙමින් ජූලි මස අවසන් වන විට මෙම ව්‍යාපෘතියේ අදියර II ආරම්භ කිරීමට නියමිතය. මෙම නව නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ඉඩම් හිමිකම හා සම්බන්ධ ලිපි ලේඛන, ගෘහ නිර්මාණ සැලසුම් කිරීම, තක්සේරු, ඇගයීම ආදිය ප්‍රතිලාභීන් විසින් අදාළ රෙජිමේන්තුවලට ලබාදිය යුතුය.
     
    යුද හමුදාපති විසින් ආරම්භ කළ මෙම නව යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කුරෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තු, විජයබාහු පාබල රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, සන්නද්ධ බුද්ධ බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය යන රෙජිමේන්තුහි මියගිය රණවිරු පවුල්වල සාමාජිකයන් සහ ආබාධිත රණවිරුවන් මෙම ඉදිකරමින් පවතින නිවෙස්වල ප්‍රතිලාභීන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya