නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව 45 වන සංවත්සරය සමරයි

    මැයි 22, 2015
    රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ 45 වන සංවත්සර උත්සවය ඊයේ (21) පාදුක්ක පානළුව පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
     
    පාසල් පෙළපොත අඩුපාඩුවකින් තොරව නොපමාව ශ්‍රී ලාංකීය සිසු පරපුරට ලබා දීමේ අරමුණු පෙරදැරිව 1968 අංක 24 දරන රාජ්‍ය මුද්‍රණ නීතිගත පනතින් ආරම්භ කළ මෙම ආයතනය වර්තමානයේ පාසල් පෙළපොතට අමතරව ඍජු වෙළෙඳ නාමය යටතේ පාසල් දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත් මුද්‍රණ හා ප‍්‍රකාශන කටයුතුවල ප‍්‍රකට නමක් දිනා ඇත.
     
    ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ 45 වන සංවත්සර උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya