නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ ගමයි - අපේ කමයි ප්‍රදර්ශනය දින පහක් පුරා හාලිඇලදී

    මැයි 22, 2015

    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ බදුල්ල දිස්ත්‍රික් සංස්කෘතික මධ්‍යස්ථාන එකමුතුව එක්ව සංවිධානය කරන “අපේ ගමයි - අපේ කමයි” අධ්‍යාපනික, සංස්කෘතික හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය ඊයේ (21) උදේ හාලිඇල, කඳන සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

    වත්මන් ජන ජීවිතය තුළින් ගිලිහී යමින් පවතින අතීත සිංහල ගැමි ජීවන රටාව යළි සමාජගත කිරීමේ ප්‍රවේශයක් ලෙස සැකසුණු මෙම ප්‍රදර්ශනය අතීත ගැමිගෙදර, කඩපොළ, කුඹුර හා කමත, කම්මල, වැව, පතල්, කුඹල්, වඩු, ධීවර වැනි කර්මාන්ත, ආදිවාසී සංස්කෘතිය ඇතුළු ප්‍රායෝගික අංශ රැසකින්ද හෙළ සංස්කෘතිය හා බැදුණු නර්තන හා සංගීත භාණ්ඩ ඇතුළු ප්‍රදර්ශන භාණ්ඩ රැසකින්ද සමන්විත වේ.

     

    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ස්වර්ණා මල්කාන්ති, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති, හාලිඇල ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එන්.සී.හෙන්නායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයන් මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

     

    ප්‍රදේශයේ පාසල් ළමුන් ඇතුළු අතිවිශාල පිරිසක් මෙම අවස්ථාවට එකවූහ.

     

    මෙම ප්‍රදර්ශනය මේ මස 25 වැනිදා තෙක් පැවැත්වේ.
    MAP/SH_badulla

    ape gama 02

    ape gama 03

     

    ape gama 04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya