ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ඒකාබද්ධව මෙම මෘදුකාංගය සකස් කර ඇත.
ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නෞකාවන් පිළිබඳව කලින් තොරතුරු දැන ගනිමින් එම නෞකාවල තිබෙන අපද්‍රව්‍යය ඉවත් කිරීමට අදාළ කටයුතු වඩාත් විධිමත් සහ කාර්යක්‍ෂම ලෙස සිදු කිරීමට මෙම මෘදුකාංගය මගින් හැකි වන බව නියෝජිතායතනයේ ඉ-සේවා ව්‍යාපෘති ප්‍රධානී කාංචන තුඩුගල මහතා පවසයි.
තවද නෞකාවන්හි සමබරතාවය ආරක්‍ෂාකර ගැනීම සඳහා ගබඩා කර තැබෙන ජලය ඉවත් කිරීම සහ නැවත පුරවා ගැනීමේ කටයුතු වෙනුවෙන්ද මෙම මෘදුකාංගය උදව් කර ගත හැකි බවද තුඩුගල මහතා පවසයි.
වසරකට ශ්‍රී ලංකාවට නෞකා පන්දහසක් පමණ පැමිණෙන බවත් එයින් දහසක් පමණ නෞකා මෙරටදී අපද්‍රව්‍යය බැහැර කරන බවත් එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් විසිදහසක් පමණ වන බවත් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසයි.
මෙම හඳුන්වා දෙන මෘදුකංගය නිසා ඉතා නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ මෙම සමුද්‍රීය අපද්‍රව්‍යය බැහැර කිරීමට හැකි වන බවත් එය මෙරට සමුද්‍ර කලාපය සමුද්‍ර දුෂණයෙන් රැක ගැනීමට මහගු රුකුලක් වන බවත් අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයට නාවික සැතපුම් දෙසීයක් පමණ අයත්වේ.
ඉදිරි සති කිහිපය තුළදී මෙම මෘදුකාංගය මගින් සේවා ලබා ගැනීමට හැකි බව නියෝජිතායතනය පවසයි.
ECB/SDF