නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරොත්ත මරිය මාතා සිද්ධස්ථානය විවෘත කිරීම ජූලි 2 දා

    මැයි 20, 2015

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ මොරොත්ත ප්‍රදේශයේ ඉදි කරන ලද මරිය මාතා සිද්ධස්ථානය විවෘත කිරීම එහි මංගල්‍ය උත්සවය පැවැත්වෙන ජූලි 02 දා සිදු කිරීමට නියමිත බව ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධනා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

     

    රුපියල් මිලියන 2.6ක පිරිවැයකින් මෙම සිද්ධස්ථානය ඉදි කෙරිණි. මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මෙය සිදු කෙරිණි.

     

    මීට අමතරව ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් මඩු සිද්ධස්ථානය හා තලවිල ශා. ආනා සිද්ධස්ථානය වැදපුදා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව තකා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා දියත් කළ ව්‍යාපෘති ද මේ වනවිට අවසන් කර ඇති බවත් අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධනා මහතා ප්‍රකාශ කළේය.

     

    මඩු සිද්ධස්ථානයේ වැසිකිළි පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2.2ක් වැය කර ඇත. තලවිල ශා. ආනා සිද්ධස්ථානයේ වන්දනාකරුවන් සඳහා නවාතැන් පහසුකම් වර්ධනය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 50ක් (එක් නිවාසයකට ලක්ෂ12ක් පමණ) වැය කර නිවාස 4ක් ඉදි කර දී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya