මෙම උත්සවය සඳහා සියලු දිස්ත්රික්ක නියෝජනය කරමින් රණ විරු පවුල්වල සමාජික සමාජිකාවන් 2500කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.
දේශයට නිදහස උදා කරදෙමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ 21,000 කට අධික රණ විරුවන් සහ 12,000කට අධික පිරිසක් තම අඟපසඟ පූජා කළ රණ විරුවන් විසින් කරනු ලැබූ ජාතික මෙහෙවර හා උතුම් කැපකිරීම ජනතාවගේ සිත් සතන්වලින් ඈත් නොවී සදා අනුස්මරණය කිරීමේ අරමුණින් මෙම සැමරුම් උළෙල රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබයි.
මෙයට සමගාමීව ජුනි 05දා සිට 23චදා දක්වා පළාත් මට්ටමින් ද සැමරුම් උත්සව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
DB