නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රාදේශීය සභා රැස්වීම් කටයුතු සඳහා කාර්යපාටිපාටිය ඇතුළත් උපදෙස් සංග‍්‍රහයක් නිකුත් වෙයි

    මැයි 18, 2015

    පොදු රාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංගමය හා ශී‍්‍ර ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය ඒකාබද්ධව කි‍්‍රයාත්මක කරන ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීම යන ව්‍යාපෘතිය මඟින් මධ්‍යම පළාත සඳහා යෝජිත කි‍්‍රයාකාරකම්වලට අනුකූලව සිදු කෙරෙන වැඩසටහන මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා මහනුවර අර්ල්ස් රීජන්ට් හෝටලයේදී පවත්වන ලදී.


    ජනතා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පළාත් පාලන ආයතනයක, ස්ථාපනය වූ නීතියෙහි පරමාර්ථය ඉටුකරනු පිණිස කි‍්‍රයාත්මක වීම නෛතිකව සනාථ කරන අවස්ථාව සාමාන්‍ය මහා සභා රැස්වීම් හා විශේෂ මහා සභා රැස්වීම් ලෙස හඳුන්වනු ලබයි. මෙම උපදෙස් මාලාව 1988 ප‍්‍රාදේශීය සභා (රැස්වීම්වල කටයුතු කරගෙන යාම පිළිබඳ කාර්ය පාටිපාටිය) රීතිවල සඳහන් වගන්තිවලට අනුකූලව අවශ්‍ය උපදෙස් මත සකස් කරන ලදී.

    වර්තමානයේදී බොහෝ ප‍්‍රාදේශීය සභාවල සභා කටයුතු එම රීති මඟින් අපේක්ෂිත පරමාර්ථයෙන් බැහැරව සිදු කිරීම නිසා නීතිමය වශයෙන් යම් අඩුපාඩු ඇති බව නිරීක්ෂණය වී ඇත. එබැවින් නීතිමය විධිවිධානවලට අනුකූලව හා විධිමත්ව ප‍්‍රාදේශීය සභාවල සභා කටයුතු කරගෙන යෑමේ පරමාර්ථ පෙරදැරි කරගනිමින් මෙම උපදෙස් සංග‍්‍රහය නිකුත් කර තිබේ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya