ඒ අනුව "සැමට සෙවණ", "සැමට සරණ" සහ "උදාගමින් උදාගමට" වශයෙන් නම් කොට ඇති මෙම වැඩසටහන් යටතේ නිවාස නොමැති ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීමට නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය අපේක්ෂා කරයි.
"සැමට සෙවණ" නිවාස වැඩසටහන යටතේ 3.73%ක සහන පොළියකට රුපියල් 100,000බැගින් වු නිවාස ණය ප්‍රදානය කරන අතර එම ණය ප්‍රමාණය වසර 10ක් තුළ ගෙවා අවසන් කළ හැකි වන අයුරින් සකස් කොට ඇත. මේ යටතේ එක් මැතිවරණ කොට්ඨාසයකින් ප්‍රතිලාභීන් 300ක් පමණ තෝරා ගැණෙනු ඇත. මේ යටතේ 2015 වසර තුළ පමණක් නිවාස 50,000ක් තනා නිමකිරීමට බලාපොරොත්තු වේ.
"සැමට සරණ" නිවාස ව්‍යාපෘතිය යටතේ 75,000 බැගින් වූ නිවාස ආධාර ලබාදීමට බලාපොරොත්තු වන අතර ඒ යටතේ එක් මැතිවරණ කොට්ඨාසය පවුල් 30 බැගින් තෝරා ගැණෙනු ඇත.
"උදාගමින් උදාගමට" ව්‍යාපෘතිය හරහා 1977 වසරේ සිට මේ දක්වා විවිධ රජයන් විසින් ඉදි කරන ලද නිවාස යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා "දිවි නැඟුම" හා "සමෘද්ධි බැංකු" හරහා ණය මුදල් ලබාදීමට ද කටයුතු කෙරේ.
DB