නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර මෝසම් තත්ත්වයක්-දිවයිනේ තවදුරටත් වැසි

    මැයි 18, 2015
    a-weather3දිවයින ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වයක් ස්ථාපිත වී පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
    අද (18) අලුයම 5.30ට නිකුත් කළ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති වීමේ ඉඩකඩ පවතින බවය.
     
    දිවයිනේ කඳුකර ප්‍රදේශවල හා අවට මුහුදු ප්‍රදේශවල තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවේ දී තද සුළං ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
    තවද අපරභාගයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya