මෙහිදී රැස්ව සිටි ගොවි ජනතාව ඇමතූ ප‍්‍රධාන අමාත්‍යවරයා, රටට බත සපයන දිස්ත‍්‍රික්කයක් වශයෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවි ජනතාව ස්වභාවික විපත්වලින් පීඩාවට පත්වන හැම අවස්ථාවකම රජය ඒ වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, එදා ගොවිතැන් කළ ගොවියා සිය ශ‍්‍රමය වැය කොට ගොවිතැන් කළ නිසා රටට ණය නොවී නිවහල් ජීවිතයක් ගත කළ බවත් අද වන විට එම තත්ත්වය නැති වී ගොස් සීසෑමේ සිට අස්වැන්න ගෙට ගන්න තුරුම විශාල වශයෙන් මුදල් වැය කිරීම නිසා ගොවිතැනින් පාඩු විඳීමට සිදු වී ඇති බවත් පැවසීය. වියට්නාමය වැනි රටවල ගොවියා සිය ශ‍්‍රමයෙන්ම ගොවිතැන් කරන නිසා ඔවුන් සිය අස්වනු පිටරට යැවීමට තරම් සිය වගා කටයුතු දියුණු තත්ත්වයට පත් කර ගෙන ඇත. එහෙත් අපේ ගොවියා ගොවිතැන සඳහා දරන අධික වියදම නිසා පාඩු ලබන බවත් පැය අටේ සේවයට කැප වුණ රාජ්‍ය සේවකයා මෙන් ගොවියා ද තමන්ගේ වගාවන් සඳහා කාලය, ශ‍්‍රමය යොදවා මෙම තත්ත්වය ජයගත යුතු බවත් සඳහන් කළේය.
මේ අවස්ථාවට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක හා අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.
NDH