උතුරු දුම්රිය මාර්ගයේ මැදවච්චිය - වව්නියාව අතර හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (16) සහ හෙට (17) එම මාර්ගයේ ගමන් ගන්නා නගරාන්තර , ශීඝ්රගාමි ඇතුළු සියලු ම දුම්රිය අනුරාධපුරය දක්වා පමණක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව කොළඹ කොටුවේ සිට යාපනය අතර ධාවනය වන වායුසමනය කරන ලද නගරාන්තර දුම්රියන් , යාල්දේවි ශීඝ්රගාමි දුම්රිය, උත්තරදේවි නාගරාන්තර දුම්රිය හා රාත්රි තැපැල් දුම්රිය එම දිනවල අනුරාධපුරය දක්වා පමණක් ධාවනය කෙරේ.
NDH