නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා අපයෝජන හා හිංසන වැලැක්වීමට ජපානයේ සහය

    මැයි 15, 2015
    මෙරටින් ළමා අතවර තුරන්කිරීම සහ ශී‍්‍ර ලංකාවේ ළමා සංවර්ධන කටයුතුවලට තාක්ෂණික හා උපදේශනාත්මක සහය ලබා දීමට ජපන් රජය සහය පළ කර ඇත.
     
    ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය සහ ජපාන තානාපතිනී නොබුහිතෝ හෝබෝ මහත්මිය අතර එම අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ හමුවක දී මේ බැව් අනාවරණය කරන ලදී.
     
    ළමා අපයෝජන හා හිංසන වැලැක්වීම වෙනුවෙන් කි‍්‍රයාත්මක 1929 දුරකතන සේවය තවදුරටත් පුළුල් කිරීමට තාක්ෂණික ඥානය හා ආධාර ලබාදීමට ද තානාපතිනිය මෙහිදී කැමැත්ත පළ කළාය. 
     
    ළමා කටයුතු අමාත්‍යාංශයේ විෂය පථය කාර්යක්ෂම හා ඵලදායී කිරීමට ගත හැකි ඉදිරි කි‍්‍රයාමාර්ග සහ ඊට අදාළ අපේක්ෂිත ආධාර සම්බන්ධයෙන්ද මෙහිදී ජපාන තානාපතිනිය කරුණු පැහැදිලි කළාය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya