නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා සාමාජිකයන් සඳහා ව්‍යවසායකත්ව වැඩමුළුවක්

    මැයි 17, 2015
    යුද හමුදා සේවයෙන් විශ්‍රාම යාමට නියමිත සෙසු නිලයන් තුළ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් පසුගියදා සාලියවැව, කලාඔය කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ දී ව්‍යවසායකත්ව වැඩමුළුවක් පැවැත්විණි.
     
    කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්  මෙහෙය වූ මෙම වැඩමුළුව සඳහා යුද හමුදා සාමාජිකයින් 50 දෙනෙකු සහභාගි වූහ.
     
    ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ වැදගත්කම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සුබවාදී ආකල්ප ඇති කිරීම, ව්‍යවසායකත්වය හා ව්‍යවසායකත්ව ගුණාංග හඳුන්වාදීම, ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම, සුදුසු ව්‍යාපාර අවස්ථා තෝරා ගැනීම හා ක්‍රියාත්මක කිරීම, ව්‍යාපාර සඳහා කළමනාකරණය හඳුන්වාදීම, අලෙවිකරණය හා අලෙවි උපාය මාර්ග හඳුන්වාදීම, ව්‍යාපාර සඳහා ණය සහ වෙනත් පහසුකම් ලබාගත හැකි ආයතන පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම ඉදිරි ක්‍රියාත්මක සැලැස්ම සැකසීම ආදී කරුණු පිළිබඳව මෙහිදී දැනුවත් කිරීමක් සිදු කර ඇත.
     
    මෙහි සමාරම්භක අවස්ථාව සඳහා කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya