නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 දී සියලු අධිකරණ නවීකරණ අවසන්

    මැයි 15, 2015
    2017 වනවිට දිවයිනේ සියලුම  අධිකරණ ආයතන මහජනතාවට වඩාත් පහසුකම් තිබෙන අධිකරණ කටයුතුවලට සහභාගි විය හැකි පහසුකම් තිබෙන ස්ථාන ලෙස නවීකරණය කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
     
    ජනතාව මුහුණ දී සිටින අධිකරණ ගැටලුවලට නීතියේ පිළිසරණ පතා පැමිණෙන අධිකරණ පද්ධතිය තුළින් වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම අධිකරණ සේවාවක් ලබා දිමට හැකිවන ලෙස ගොඩනැගිලි ඇතුළු සියලුම සේවා පහසුකම් දියුණු කළ යුතු බැවින් දිවයිනේ සියලුම අධිකරණ ආයතන සේවා අවශ්‍යතා මත නවීකරණය කිරීමට අධිකරණ අමාත්‍යාංශය මේ වන විටත් පියවර ගෙන ඇත.
     
    දැනට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති දිවයිනේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයන් ඇතුළු ඉහළ අධිකරණවල අදාළ ඉදිකිරීම් කටයුතුවල කාර්යක්ෂමතාවය සොයා බැලීම සඳහා සෑම ස්ථානයකම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නීරික්ෂණයට ලක්වෙන අතර මේ සඳහා ඉදිකිරීම් කටයුතු භාරව සිටින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරු පිරිස ද  සහභාගි වෙති.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya