නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී වෙරළක් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ පාගමන 15 දා

    මැයි 14, 2015

    A-SL beachමොරගල්ල වෙරළ පරිසර හිතකාමී වෙරළක් බවට පත් කිරීම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ පාගමනක් මැයි මස 15 වන දින දවස පුරා පැවැත්වීමට මොරගල්ල වෙරළ කළමනාකරණ කමිටුව පියවර ගෙන ඇත.

     

    මොරගල්ල වෙරළ මුහුදු තීරය හා ඒ අවට පරිසරය මනා කළමනාකරණයක් සහිත පරිසර හිතකාමී ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වෙරළ තීරයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

     

    ''මොරගල්ලට නිල් වෙරළක්'' යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම පාගමන අළුත්ගම සිට මොරගල්ල දක්වා ගමන් කිරීමට නියමිතයග එදින පෙ.ව.7.00 ට අළුත්ගම නගර ශාලාව අසලින් ආරම්භ කෙරෙන මෙම පාගමන ගඟබඩ පාර ඔස්සේ අළුත්ගම පොලිස් ස්ථානය අසලින් ගාලු පාරට වැටී ගාලුපාර ඔස්සේ මොරගල්ල මාර ගස අසලින් වෙරළ තීරය දක්වා ගමන් කරයි.

     

    මෙම වැඩසටහනට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්, සෙමින් ඔරු පැදීමේ තරගයක්, ජීවිතාරක්ෂක සංදර්ශනයක් හා වොලිබෝල් තරගාවලියක් ඇතුළු තවත් වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතයි.

     

    මීට අමතරව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූල්‍යමය දායකත්වයෙන් හා වෙරළාරාක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ කැපවීමෙන් මොරගල්ල වෙරළේ ඉදිවන ජීවිතාරක්ෂක කුළුණට මුල්ගල තැබීමද මෙදින සිදු කෙරේ.

     

    එමෙන්ම මෙදින ''මොරගල්ලට නිල් වෙරළක්'' යන තේමාව යටතේ බේරුවල කලාපයේ පාසල් සිසුන් සඳහා පවත්වන ලද ගද්‍ය රචනා තරඟයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීමටද නියමිතය.

     

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya