දින 21 කින් යුතු මෙම වැඩමුළුව මැයි මස 26 දින ආරම්භ කෙරෙන අතර මේ දිනවල අයදුම්පත්‍ර භාර ගැනීම සිදු කෙරේ.
ව්‍යාපාරයක් ආරම්භ කර තිබීම හෝ අපේක්ෂාවක් තිබීම, මාතලේ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන්වීම, වයස අවුරුදු 20 – 45ත් අතර වීම මෙන්ම පාඨමාලා කාලය තුළ නේවාසිකව විසීමට හැකිවීම පාඨමාලාවට සහභාගිවීම සදහා තිබිය යුතු සුදුසුකම් අතර වේ.
මෙම ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළුව මගින් ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය, ව්‍යාපාරික දැනුම, ක්ෂේත්‍ර අත්දැකීම් මෙන්ම ව්‍යාපෘති වාර්තා සකස් කිරීම ආදිය පිළිබදව දැනුම අවබෝධය ලබා දේ. මීට අමතරව ව්‍යාපාර ආරම්භ කිරීම සදහා විශේෂ ණය ලබාගැනීම සදහා මග පෙන්වනු ලබන අතර රජය පිළිගත් සහතිකයක්ද ලබා දෙනු ඇත.
මේ පිළිබදව වැඩි විස්තර මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් හෝ 066- 2232375 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.
MAP/dmu_matale