නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලනයට යනවා නම් අපි එකතු වෙලා වැඩ කරන්න ඕනෑ

    මැයි 12, 2015
    තමන් වත්මන් ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් වන බවක් යහපාලනයට යන්නේ නම් එකතු වී වැඩ කළ යුතු යැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය, පියසේන ගමගේ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ නෙළුව, තවලම, ගාල්ල විද්‍යාරාජ ජාතික පාසැලේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
     
    "තවලම ජාතික පාසලේ අපි ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කරන අවස්ථාවේ මටත් සහභාගීවීමට අවස්ථාව ලැබීම පිළිබඳ ව සතුටු වෙනවා. මේ අවස්ථාවේ බොහෝ දේවල් කතා කරන්න තිබුණත් එයට මෙය වෙලාව නොවන බවයි, මගේ හැඟීම. 1989 සිට මේ කොට්ඨාසයේ මහජන මන්ත‍්‍රීවරයා ලෙස මම මෙම පාසලේ සියලු කටයුතුවලට සම්බන්ධ වෙලා තිබෙනවා. බොහෝ කටයුතු නිර්මාණය කිරීම සඳහා මගේ සහය ලබාදුන්නා". 
     
    "මේ ගොඩනැඟිල්ලේ වැඩ ඉවර කළේ ගිය වසරේ. නමුත් විවෘත කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මගේ කොට්ඨාසයේ පාසැල් 10ක් පමණ මහින්දෝදය පාසැල්  දහසට (1000) ඇතුලත් කරන්න පුළුවන් වුණා. තවලම, නෙළුව ජාතික පාසැල් දෙකේ ප‍්‍රාථමික අංශ ඉවත් කරන්න දෙමව්පියන් කැමති වුණේ නැහැ. තවලම ජාතික පාසැලේ ප‍්‍රාථමික අංශය ඉවත් කලොත් විශාල ප‍්‍රශ්ණයක් ඇතිවන නිසා දෙමාපියන්ගේ ඉල්ලීමට එකඟ වෙන්න සිදුවුණා. ප‍්‍රාථමික අංශය වෙනත් තැනක හදන්න අපි උත්සාහ කළා. නමුත් හරිගියේ නැහැ. මේ කාලය තුල විද්‍යාගාරය වෙනත් පාසැල්වලට ගන්න බොහෝ අය උත්සාහ කළා. අපි පාසැල දෙකඩ කඩලා ප‍්‍රාථමිකය වෙන් කරලා, මහින්දෝදය පාසැල් දහසට (1000) තවලම ජාතික පාසැල ඇතුලත් කළා". යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ගාලු කෝරලයේ සංඝනායක, තවලම විද්‍යාරාජ ජාතික පාසැලේ හිටපු විදුහල්පති, පූජ්‍යපාද මාවලානේ නන්දසාර නාහිමි, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුනිල් සේනානායක, විදුහල්පති ඒ.ජී. අනුර, පාසල් සංවර්ධන කමිටුවේ ලේකම් උපනන්ද විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya