නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “කෙතට අරුණ” පොහොර රක්ෂණ යෝජනා ක්‍ර‍මයේ වන්දි ගෙවීම ඇරඹේ

    මැයි 12, 2015
    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "කෙතට අරුණ" පොහොර රක්ෂණ යෝජනා ක්‍ර‍මයේ වන්දි ගෙවීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    ඒ අනුව 2014/2015 මහ කන්නයේදී ප්‍රධාන වශයෙන්ම ගංවතුර හේතුවෙන් හානියට පත්වූ කුඹුරු අක්කර 50,000කට අධික ප්‍රමාණයකට අදාළව ගොවීන් 7,300 දෙනෙකුට වන්දි මුදල් ගෙවීමේ සමාරම්භක උත්සවය පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේදී පැවැත්විණි.
     
    ඉදිරි  සති දෙක තුළ දී හම්බන්තොට, අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන් හි මෙම රක්ෂණ වන්දි ගෙවා අවසන් කිරීමට කෘෂි රක්‍ෂණ මණ්ඩලය සැලසුම්කර ඇත. ඒ යටතේ මුළු වන්දි මුදල වශයෙන් රුපියල් මිලියන 800කට අධික මුදලක් වැයවෙතැයි ගණන් බලා ඇති අතර මෙකී රක්‍ෂණ ක්‍රමයට අමතරව ගොවි මහතුන් විසින් ස්වේච්ඡාවෙන් ලබාගන්නා ලද ඉහළ රක්‍ෂණ වටිනාකම්වලින් යුත් රක්‍ෂණ ආවරණයන් සඳහා මුදල් ගෙවීමද දැනටමත් ආරම්භකරන ලදී.
     
    2013 වර්ෂයේ අයවැය යෝජනාවකට අනුව දිවයිනේ සෑම කුඹුරක්ම රක්‍ෂණය කිරීමේ යෝජනාව යටතේ කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 10,000ක රක්‍ෂණාවරණයක් ලබාදීමට යෝජනා කරන ලදී.
     
    ඒ යටතේ රක්‍ෂණ වාරික අයකිරීමේ ක්‍රමවේදයක් ලෙස සහනාධාර පොහොර නිකුත් කරනු ලබන අවස්ථාවේදී පොහොර කිලෝවකට රුපියල් 3.00 බැගින් රුපියල් 450.00ක් හෝ ඊට ආසන්න මුදලක් පොහොර ලබාගන්නා ලද ගොවීන්ගෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අයකර ගන්නා ලදී. එසේ රක්‍ෂණ වාරික මුදල් අයකර ගන්නා ලද කුඹුරු සඳහා ගංවතුර, නියඟය හෝ වන අලි උවදුරුවලින් හානි සිදු වූ විට ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්‍ෂණය යටතේ සැදුම්ලත් කමිටුවක් මඟින් නිර්දේශ කරන ලද හානි තක්සේරුවකට අනුව ගොවීන්ට සිදුවන ලද හානිය සඳහා වන්දි ලබාදීම ක්‍රියාත්මක විය.
     
    2013 අයවැය යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ජාතික රක්‍ෂණ භාර අරමුදලට පැවරුනද, කෘෂිකාර්මික රක්‍ෂණය සම්බන්ධයෙන් එම ආයතනයට ඇති අත්දැකීම් මදකම මත ගොවීන්ට රක්‍ෂණ ප්‍රතිලාභ ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් 2015 අයවැය යෝජනාවකට අනුව 2014/2015 මහ කන්නයේ සිට මෙකී රක්‍ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ බලය කෘෂි රක්‍ෂණ මණ්ඩලය වෙත පවරන ලදී.  
     
    එම රක්‍ෂණ ආවරණ ලබාගත් ‍ගොවීන් සඳහා රුපියල් මිලියන 150කට  ආසන්න මුදලක් ගෙවීමට සිදුවෙතැයි ගණන් බලා ඇති අතර සමස්තයක් වශයෙන් ගත් කළ 2014/2015 මහ කන්නයේ නියඟයෙන්, ගංවතුරින් හා වන සත්ව උවදුරු හේතුවෙන් කෙත් බිම්වලට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් මිලියන දහසකට ආසන්න මුදලක් ගොවීන් අතර බෙදාහැරීමට කටයුතු කරමින් පවතී.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya