රාජකාරියේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට සඳහන් කළේ,අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ අකුණු ඇති විය හැකි බවය.
වර්ධනය වන ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය නිසා සුළඟේ වේගය පැයට කිලෝමීටර 70- 80 අතර මට්ටමක පවතින බව ද පබෝධනී කරුණාපාල මහත්මිය පැවසුවාය.