නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට ඉදිරියේ දී පැවැත්වෙන විභාග

    මැයි 09, 2015

    කැලණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි ද්විතීය පරීක්ෂණය 2012-2015 මාර්තු /අප්‍රේල්/මැයි විභාගය අද (09)
    හෙට (10), 16, හා 17 දිනවලදී කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 11දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සඳහා අයදුම්කරුවන් 22775ක් සුදුසුකම්ලබා සිටිති.

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III පන්තියේ නිලධාරීන් සඳහා වූ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය -2014 (2015) විභාගය ලබන 16 හා 17 දෙදින කොළඹදී පමණක් පැවැත් වේ.

    ICMASL Examination May -2015 විභාගය මේ මස 16,17,23,24 දිනවලදී කොළඹ දී පමණක් පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 1784 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.

    සහකාර බන්ධනාගාර අධිකාර/සහකාර බන්ධනාගාර අධිකාරී (පුනරුත්ථාපන) කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2015 (නුහුරු භාෂාව පිළිබඳ ලිඛිත පරීක්ෂණය) මැයි 30 කොළඹදී පමණක් පැවැත් වේ.

    II වන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා වන දෙවන කාර්යක්ෂතා කඩඉම් විභාගය (නව නිර්දේශය) -2015 (1) මැයි 31 කොළඹදී පමණක් පැවැත් වේ.

    රාජ්‍ය භාෂා ප්‍රවීනතා ලිඛිත විභාගය - 2014 (2015) සිංහල/දෙමළ (I/II/III වන මට්ටම) මැයි 31 වැනි දින දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානයවලදී පැවැත් වේ. අයදුම්කරුවන් 65,000ක් මේ සඳහා සුදුසුකම් ලබා සිටිති.

    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධික්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ගොඩනැගිලි පක්ෂක III වන ශ්‍රේණියේ තනතුර සඳහා බඳවා ගැනීමේ සීමිත /විවෘත තරග විභාගය 2015 විභාගය මැයි 31 කොළඹදී පමණක් පැවැත් වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya