මෙම ප්‍රඥප්තියට අනුව මධ්‍යම පළාත තුළ බඩු උකස් ගන්නන්ගේ ව්‍යාපාර ආයතන සියල්ල පළාත් සභාවේ ලියාපදිංචි කළ යුතු අතර, අනතුරුව මෙම සියළුම උකස් ආයතන නියාමනය කිරීමට නියමිතය. ඊට අවශ්‍ය බලතල සහ වගකීම් මධ්‍යම පළාත් ආදායම් කොමසාරිස්වරයා වෙත පැවරෙනු ඇත. මේ ප්‍රඥප්තිය තුළින් රන් භාණ්ඩ උකස් ගන්නන් සහ උකස් කරන්නන් යන පාර්ශව දෙකේම ආරක්ෂාවද සුරක්ෂිත කෙරෙන අතර, විශ්වාසනියත්වයක්ද ගොඩ නැගෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
2015 මාර්තු මස 03 වැනි දින ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත පිළිබද මධ්‍යම පළාත් සභාවේදී සිදු කළ කරුණු දැක්වීම් වලින් අනතුරුව පසුගිය අප්‍රේල් 07 වැනි දින ඒකමතිකත්වයෙන් සම්මත වූ අතර, එය 2014 අංක (4) දරණ මධ්‍යම පළාතේ බඩු උකස් ගන්නන්ගේ ප්‍රඥප්තිය වශයෙන් ඉදිරියේදී හැදින්වෙනු ඇත.
MAP/TA_dmu_kandy