මෙවර කොරියානු රැකියා භාෂා ප්රවීණතා විභාගයට අයඳුම්කරුවන් 13,083 දෙනෙකු ඉල්ලුම්පත් බාරදී තිබේ. කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් කොරියාවේ රැකියා අපේක්ෂකයන් ඉලක්ක කරගනිමින් මෙම විභාගය පවත්වනු ලබයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගය හා අධීක්ෂණය යටතේ මෙම විභාග පරීක්ෂණය මෙහෙයවනු ලබයි.
විභාගය පැවැත්වෙන ස්ථාන සහ වේලාවන් දැනුම්දීම ජුනි මස පස් වැනිදා සිදුකරන අතර එය www.slbfe.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
SDF