ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බෞද්ධ සංගමය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක් ව මෙම “කොලොන්තොට වෙසක් මංගල්‍යය - 2015” කලාපය සංවිධානය කර තිබිණ.
මෙහිදී වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග එක්ව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම කලාපය තුළ ඉදිකර තිබූ දර්ශණීය වෙසක් තොරනේ විදුලි ආලෝකය දල්වනු ලැබීය. එසේම මෙම කලාපය නැරඹීම සඳහා එන සැදැහැවතුන් සඳහා සංවිධානය කර තිබූ දන්සැල ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය.
ජාතක කතා පොතේ එන තෙලපට්ට ජාතක කතාව විදහා දැක්වෙන පරිදි වර්ණවත් විදුලි බුබුලු දහස් ගණනකින් ආලෝකමත් කර තිබූ දර්ශණීය තොරණ හා විචිත්‍රවත් වෙසක් කූඩුවලින් සරසන ලද වරාය චෛත්‍ය මාවත ප්‍රදේශයේ සංවිධානය කරන ලද මෙම වෙසක් කලාපය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත පිරිස් මෙම ප්‍රදේශය කරා ඇදී එන බව දක්නට ලැබිණ. එසේම මෙම කලාපයේ සංවිධානය කර තිබූ වෙසක් භක්ති ගීත ප්‍රසංගය ද මෙම කලාපය නැරඹීම සඳහා එන ජනතාවගේ සිත් ඇද ගන්නා තවත් අංගයක් බවට පත්ව තිබිණි.
DB