තැනින් තැන පවතින වර්ෂා තත්ත්වය නිසා ඩෙංගු අවධානය නැවත හිස එසවීමේ ඉඩකඩ පවතින බැවින් මෙම හදිසි පරික්ෂා කිරීම් ආරම්භ කරන බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්, සෙනරත් බණ්ඩාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසී ය.
ඩෙංගු කීටයන් වර්ධනය වන ප්‍රදේශ හා හඳුනාගත් අවදානම් කලාපවල ඩෙංගු පරික්ෂාව සිදු කරන බව සෙනරත් බණ්ඩාර මහතා පැවසී ය.
2015 වර්ෂයේ ගත වූ මාස 4 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 13171 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 46.67% ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 4 වන සතිය තුළ බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.