මහින්ද රාජපක්ෂ රජය කාලේ විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍ය නේවාසිකාගාර 60ක් ඉදිකරන්න සැලසුම් කර තිබූ අතර ඉන් නේවාසිකාගාර 30ක් මේ වන විට ඉදිකර අවසන් බවත් පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය සිසු අයිතියට පත් කළ බවත් ඇය පැවසුවාය.
මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000.00 දක්වා වැඩි කර ජූනි මස සිට ලබා දෙනවා. ගර්භනී මව්වරුන් සඳහා රුපියල් 20,000.00ක මුදලක් ලබා දෙන්න ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තියෙනවා. දරුවන්ගේ කායික මානසික වර්ධනය මුල් ළමාවිය සංවර්ධනය සඳහා ඉතා අවශ්‍යයි. ඒ සඳහා මසකට රුපියල් 2000.00 බැගින් මාස 10ක් වියළි ආහාර මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ රටේ අඩු බර දරු උපත් ප්‍රමාණය නැති කර මව්කිරි ලබා දෙන මවට පෝෂණය ලබා දෙන්න මෙයින් අදහස් කරනවා. මේ පෝෂණ මල්ල සමූපකාර සමිති හරහා ලබා දීම මඟින් එහි ප්‍රතිලාභ රටට ලබා ගන්න අවස්ථාවක් ලැබෙන බව ද අමාත්‍යවරය පෙන්වා දුන්නාය.
NDH