අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ධාවනය කෙරෙන දුර ප්‍රමාණය අනුව සාධාරණ මුදලකට අපක්ෂපාතීව සියලුම පක්ෂවලට මුදලට ලංගම බස් රථ ලබා දුන් අතර මෙමගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හොඳ ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුණු බවත් ඔහු පැවසීය.
ඒ අනුව මැයි දින රැලි සඳහා එක්සත් ජාතික පක්ෂයට බස් රථ 800ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් දෙකටම බස් රථ 251ක් ද ජනතා විමුක්ති පෙරමුණට බස් රථ 232ක් හා සුළු පක්ෂ සඳහා බස් රථ 90ක් ද සපයා ඇත.
මැයි දින රැලි සඳහා පසුගිය වසරේ ලබා දුන් බස් රථවලින් ලැබුණු ආදායම හා මෙම වසරේ ආදායම පිළිබඳව පැහැදිලි වෙනසක් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඉතා ඉක්මණින් ඒ පිළිබඳ වාර්තාවක් මහජනතාව වෙත නිකුත් කරන බවත් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යවරයා කීවේය.
SDF