1992 දී ඇති කරන ලද රෙගුලාසියක් වන මුහුණ පෙනෙන (නළලේ සිට නිකට දක්වා) යතුරු පැදි හිස් වැසුම් පැළඳීම අනිවාර්ය කිරීමට විරුද්ධව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධව අදහස් දක්වමින් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.
යතුරු පැදි හිස් වැසුම් ආනයනයකරුවන් ගෙන්වන හිස්වැසුම් හා අලෙවිසැල් හි විකිණීමට ඇති හිස්වැසුම්වල ප්‍රමිතිය පිළිබඳව පරික්ෂා කිරීමට ප්‍රමිති කාර්යංශ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.
මුහුණු ආවරණය සහිත යතුරු පැදි හිස් වැසුම් පිළිබඳව ඇති වී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවත් එහිදී යතුරු පැදිකරුවාගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවක් ලබා දී තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මුහුණු ආවරණය සහිත යතුරු පැදි හිස් වැසුම් පැළඳීම නිසා යතුරුපැදිකරුවන්ට ශබ්ද ඇසීම අවම බැවින් හා පෙනීම ද සුළු කෝණයකට සීමාවන බැවින් රිය අනතුරු සිදු වීමට අවකාශය වැඩි බවත් පොලිසීය ප්‍රකාශ කරන නමුත් සම්පූර්ණ ආවරණය නිසා රිය අනතුරකදී කිසියම් ආරක්ෂාවක් ලැබෙන බව යතුරු පැදිකරුවන්ගේ සංගම් පවසා සිටියි.
යතුරු පැදි ධාවනයේ දී පමණක් හිස්වැසුම් පැළඳීමටත් යතුරු පැදි හිස් වැසුම් සහිතව ඇවිද යාම තහනම් කිරීමටත් යතුරුපැදි සංගම් සිදු කළ යෝජනාව පිළිබඳව ද සලකා බලන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ කෙසේවෙතත් රිය අනතුරු සම්බන්ධ වෛද්‍ය වාර්තා නිරීක්ෂණය කිරීමෙන් හා පොලීසිය, රේගුව, යතුරු පැදි හිස් වැසුම් ආනයනයකරුවන් හා යතුරු පැදි සංගම් සමඟ සාකච්ඡා සිදු කර ජාත්‍යන්තර නිර්දේශ පිළිබඳව සොයා බලා වඩා ආරක්ෂිත හා සුදුසුම විසඳුම කඩිනමින් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
SDF