නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු ප්‍රජාව සවිබල ගැන්වීමට දස අවුරුදු සැලැස්මක්

    මැයි 05, 2015
    A palnවතු ජනතාවගේ ජීවන තත්වය නැංවීමට 10 අවුරුදු සැලැස්මක් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය මඟින්  සම්පාදනය කිරිම ආරම්භ කළ බව වතූ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
     
     2015 සිට 2025 දක්වා ක්‍රියාත්මක  කිරීමට සකස් කරන මෙම ජාතික සැලැස්ම සම්පාදනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ද දායකත්වය සපයයි.
     
     
    වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී.තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ නිලධාරින් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා විසින් මෙම වැඩ සටහන සකස් කරන ලෙස එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යාංශය පවසයි.
     
    මේ යටතේ වසර 10 ඇතුළත වතු ප්‍රජාවගේ ජීවන තත්වය නැංවීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ඇත. විශේෂයෙන්ම වතු ජනතාවගේ නිවාස ගැටලුව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු මෙම සැලැස්මට අනුව විසදනු ඇත.
     
    එමෙන්ම මධ්‍යම,ඌව,සබරගමු,දකුණු,බස්නාහිර පළාත් වල ජීවත් වන වතු තරුණ තරුණියන් සවිබල ගැන්වීමට ද කටයුතු කරනු ඇත.
     
    විශේෂයෙන්ම නුවරඑළිය ඇතුළු වතු කරයේ ජීවත්වන කාන්තාවන් සවිබල ගැන්වීමට ද මේ යටතේ කටයුතු කිරීමට නියමිතයි.
     
     වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, ජාතික කම්කරු පක්ෂයේ නායක පී.තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි විද්වත් මණ්ඩලයක් මගින් දස අවුරුදු සැලැස්ම කොළඔ, ටාජ් සමුද්රු හෝටලයේදි සම්පාදනය කිරීම පසුගිය දා ආරම්භ කරනු ලැබිණි. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya