ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමාගේ හා මුදල් මණ්ඩලයේ ආරාධනා පරිදි නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී.එම්. ස්වාසිනාදන් හා ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වේ.
උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, උතුරු පළාත් ආණ්ඩුකාර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
NDH