නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවතැන් වූ නේපාලයේ ජනතාවට තවත් ආධාර

    මැයි 02, 2015

    හදිසි භූමිකම්පාවෙන් අවතැන් වූ නේපාලයේ ජනතාව වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ එම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වියළි ආහාර ද්‍රව්‍ය සහ ඇදුම් පැළඳුම් ඇතුළු ආධාර තොගයක් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පසුගියදා (30) සිදු කෙරිණ.

    සැමන් ටින් කන්ටේනරයක්, ඇපල් කිලෝ 22560 ක්, ටී ෂර්ට් තොගයක්, සපත්තු යුගල 18600 ක් සහ රබර් බූට්ස් 100 ක් නේපාලයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් එහිදී ප්‍රදානය කෙරිණි.

     

    එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නේපාල වැඩ බලන තානාපති රාම් සිං තාපා මහතා වෙත එම ආධාර තොගය සංකේතාත්මකව ප්‍රදානය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya