නිකුත් කළ නිවේදනය-
මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම සිය දිවිපෙවත ගෙනයාමටත්, සාමූහිකව ගම නගරය හා රට ගොඩනැංවීම සඳහාත් මිනිස් ශ්‍රමය අත්‍යාවශ්‍යම සාධකයක් විය. ඒහින්, නිෂ්පදනය හා පරිභෝජනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා මෙන්ම මිනිස් ශ්රයමය සඳහා ජන සමාජය තුළ විශාල ඉල්ලුමක් තිබු අතර, මෙය සපයන ශ්‍රමිකයා සැමරීම ලෝක කම්කරු දිනයේ මුලික පරමාර්ථයයි.
වැඩවසම් යුගයේ සිට නුතන සමාජය දක්වා අප පැමිණි දිර්ඝ ගමන් මාර්ගය තුළ විවිධ සමාජ තලයන් හී මිනිස් ශ්‍රමය සූරාකෑම හා ශ්‍රමිකයාට තමාගේ ශ්‍රමය වෙනුවෙන් නිසි අගයක් ලබා නොදීම තුළින් හා ශ්‍රමිකයා ආරක්ෂා කිරිම සඳහා කටයුතු නොකිරිම තුළින් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ඉතිහාසය පූරාම විවිධ අරගල හා ගැටුම් නිර්මාණය වු අවස්ථා බොහෝය.
1886 දී ඇමරිකාවේ චිකාගෝ නුවර දී පැය අටේ වැඩ කරන දිනය ඉල්ලා කළ සාමකාමී උද්ඝෝෂණයට එවකට ඇමරිකානු පාලකයන් ප්‍රතිචාර දැක්වූයේ වෙඩි ප්‍රහාර මාලාවකිනි. එයින් හේමාට් චතුරස්‍රය එකම ලේ විලක් විය. එදා ලෙයින් පෙඟුන තම ඇඳසිටි වස්ත්‍රය රත් පැහැ ගන්වමින්, කම්කරුවන්ගේ අරගලයෙන් ලෝක කම්කරු දිනය ඇරඹුණි.
ලංකාවේ ප්‍රථම මැයි රැලිය 1933 දී කම්කරු නායක ඒ.ඊ.ගුණසිංහ මහතාගේ නායකත්වයෙන් පිටකොටුවේ ප්‍රයිස් පාර්ක් හිදී පැවැත් වුණි. ඉන්පසු විවිධ පක්ෂ
සංවිධාන කණ්ඩායම් මැයි රැළි පවත්වමින් කම්කරු අයිතීන් වෙනුවෙන් හඩ නැගුවද, වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම්, වරප්‍රසාද,ප්‍රතිලාභ ලබා දුන්නේ 1956 දී පත්වූ ශ්‍රීමත්එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිදුන්ගේ නායකත්වයෙන් වැඩ කරන පංතියේ ක්‍රියාකාරී සැබෑ නායකයන් ඇතුළත්ව පිහිටු වූ අභිමාණවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය බව සිහිපත් කරමු.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථම මැයි රැළිය පැවැත්වූයේ 1956 දීය. 1957 මෙරට සියලු දෙනා මැයි රැලිය පැවැත්වූයේ මෙරට ප්‍රථම කම්කරු හිතවාදි රජය ලබා දුන් මැයි 01දා ජාතික නිවාඩු දිනයක් කිරීමේ සතුට පොදු බෙදා ගනිමින්. එදා කම්කරු ඇමතිවූ සැබෑ වැඩ කරන පංතියේ සටන් සගයෙකු වූ ටී.බී.ඉලංගරත්න මැතිතුමා 1957 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුමේදී මෙරට වැඩ කරන ජනතාවට අතිශය වැදගත් වරප්‍රසාද රැසක් ප්‍රකාශයට පත් කළේය. විශේෂයෙන් ඉන් පසුව එතුමා ඒ එකඟතාවයන් ඉටු කරමින් වෘත්තීය සමිති පිළිගැනීම එවකට දස ලක්ෂයකට ආසන්න පෞද්ගලික අංශයේ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, කම්කරු විනිශ්චය සභා ඇති කිරීම, කම්කරු වන්දි ආඥා පනත සංශෝධනය කිරීම, වේතන කොමිසම පිහිටුවීම, සාප්පු හා කාර්යාල සේවක පනත ගෙන ඒම, පුද්ගලික අංශයේ සේවිකාවන්ට ප්‍රසූත නිවාඩු ලබාදීම වැනි ඉතිහාසයේ සදානුස්මරණිය කම්කරු අයිතිවාසිකම් ලබා දිමට සමත් විය. ඉන්පසු බණ්ඩාරනායක මැතිණිය මේ ප්‍රගතිශීලි ජන ගමන ඉදිරියට යමින් ඔවුන්ගේ අයිතින් සුරකීම සඳහා ජනසතු ව්‍යාපරය ක්‍රියාත්මක කොට මෙරට වැඩ කරන ජනතාවට සහන රැසක් හා රැකියා සුරක්ෂිතභාවය ලබා දුන්නීය.
මේ නිසා කම්කරු දිනය සැමරීමට මේ රටේ අන් කිසිදු දේශපාලන පක්ෂයකට නැති පරිපූර්ණ නිරවුල් අයිතියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත. ඒ අයිතිය කිසිවෙකුට කිසි දිනෙක පැහැර ගත නොහැකි ඉතිහාසයේ ශුද්ධ පැවරීමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු ජනතාව වැළඳගත් දේශපාලන පක්ෂයක් වන අතර, සමස්ථ වශයෙන් වැඩ කරන ජනතාව නියෝජනය කරනු ලබයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා පොදුජන එක්සත් පෙරමුණේ සෑම රජයකින්ම මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සඳහා කර ඇත්තේ අනූපමය මෙහෙයකි. මෙවන් ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති අතර, දිනකට රුපියල් 10 ක වැටුප් ඉල්ලීමක් කිරිම නිසා දහස් ගණන් රාජ්‍ය සේවකයින් රාජ්‍ය සේවයෙන් පන්නා දමා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් පගා දැමීමට ගන්නා ලද ප්‍රයත්නය අපට අමතක නොවේ.
30 වසරක ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකේය ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ නංවාලමින්, යටිතල පහහුකම් සංවර්ධනය කරමින් අපේ මාතෘ භුමිය ආලෝකමත් කිරිම සඳහා වැඩකරන ජනතාවගේ ශක්තිය අත්‍යාවශ්‍යමය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා ගොවි බිමේ, වතුකරයේ, වැඩබිමේ දහඩිය හෙලන කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරකීමට ඔවුන්ගේ ජීවන රටාවේ
ගුණාත්මක බව ඉහළ දැමීම කෙරෙහි දැඩි අවධානය මෙම මැයි දිනයේදී අප යොමුකර යුතුව ඇත. මේ නිසාම මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දින තේමා පාඨය වශයෙන් “වැඩ බිමට ජවයක් - සිරිලකට සවියක් - ඔබේ ශ්රඉමයට අපමණ අගයක්” ලෙස යොදා ගෙන ඇත.
රාජ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම පෞද්ගලික ක්ෂේත්‍රවල හා ස්වයං රැකියා රාජ්‍ය ක්ෂේත්‍ර වලද සේවය කරන ජනතාවගේ සුරක්ෂිතතාවය සුරකීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරයේ කැපවී සිටි.
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළින් වැඩකරන රට රකින කම්කරු ජනතාවට මෙතෙක් ලබා ගැනීමට නොහැකිව තිබු වරප්‍රසාද හා අයිතිවාසිකම් ලබා දිමට අප මෙවර මැයි දිනයේදී අධිෂ්ඨාන කර ගනිමු.
නිමල් සිරිපාල ද සිල්වා
විපක්ෂ නායක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව