නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් උත්සවයට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් වැඩසටහන් රැසක්

    මැයි 02, 2015

    වෙසක් උත්සවය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් වැඩසටහන් රැසක් පැවැත්වීමට සංවිධානය කොට තබේ. ඒ අනුව එළඹෙන වෙසක් පොහෝ දින (03) වෙසක් පහන් කූඩු තරගයක් සහ ප්‍රදර්ශනයක් සංවිධානය කොට ඇති අතර, ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම අංශ සහභාගී වීමට නියමිතය. එම වැඩසටහනට සමඟාමීව මහනුවර අවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් භක්ති ගීත වැඩසටහනක් ද සංවිධානය කොට ඇති අතර, එම කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඊට සහභාගී වීම විශේෂත්වයකි.

     

    වෙසක් පොහෝ දිනට පසු දින (04) දින ප.ව. 7.00 ට දිස්ත්‍රික් ලේකම් කාර්යලීය පරිශ්‍රයේ මල් වෙඩි සංදර්ශනයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති අතර, 05 දින පෙ.ව. 9.00 ට විශේෂ ධර්ම දේශනාමය වැඩසටහනක් ද පැවැත්වෙනු ඇත. මෙම වැඩසටහන් වලට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ පැවැත්වෙන බුදු මැදුර තීන්ත ආලේප කොට අලුත්වැඩියා කිරීමටද කාර්ය මණ්ඩලය මඟින් කටයුතු යොදා තිබේ.

     

    මහනුවර දිසාපති එච්.එම්.පී හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු ‍යොදා තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya