අද (28) උදෑසන මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රුහුණු කතරගම මහ දේවාලයේ නව බස්නායක නිලමේ තෝරාපත් කරගැනීමේ තරගයෙන් බස්නායක නිලමේ තනතුරට මහනුවර ව්‍යාපාරික දොන් පියතිස්ස කුමාරගේ මහතා නිතරගයෙන් තේරී පත්වූ බව බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍ර ප්‍රේම ගමගේ මහතා පැවසීය.
ඒ අනුව මෙවර තෝරාපත් කරගැනුනේ 11වන බස්නායක නිලමේවරයාය.
මීට පෙර රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ධුරය හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් දරනු ලැබීය.
DB