මෙම වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික්කයේ වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යංශය සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සංවිධානය කොට තිබේ. ඒ අනුව මෙම වැඩසහනේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන මැයි මස 07 වැනි දින පෙ.ව.8.30 සිට මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මාර්ග අනතුරු හේතුවෙන් දිනකට ලෝකයේ ළමුන් 500 දෙනෙක් මිය යන අතර, ලංකාවේද එක් ළමයෙක් මාර්ග අනතුරු හේතුවෙන් දිනකට මිය යන බව සංඛ්‍යා ලේඛන වලින් පෙන්වාදී තිබේ. මාර්ග අනතුරු වලට ළමුන් ගොදුරුවීම අවම කර ගැනීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙම සතිය තුළ දිවයින පුරා පැවැත්වීමට නියමිතය.
SDF