පසුගිය සෙනසුරාදා (25) අම්පාර මධ්‍යම කඳවුර නව ජලසම්පාදන කාර්යාලයක් හා නිලධාරී නිවස්නයක් ඉදි කිරීමට මුල්ගල තැබීමේ උත්සවයකට සහභාගී වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.
අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳවුර, නාවින්දවේලි, වාලම්බකණි යන ප්‍රදේශයන්හි පානීය ගැටලුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් දීර්ඝ කාලීන සැලසුමකට අනුව අම්පාර තෙවන ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජල ගැටලුව විසඳීමට ජාතික ජලසම්පාදන මණ්ඩලය සැලසුම් කොට ඇත.
මේ ප්‍රදේශවල වකුගඩු රෝගයෙන් පීඩාවිඳින විශාල පිරිසක් සිටින අතර මෙම පිරිසට සහන සැලසීම ද නව රජය දුන් එක් පොරොන්දුවකි. මෙම ප්‍රදේශයේ පානීය ජලයේ බරලෝහ හා මල අපද්‍රව්‍ය මුසුවීමෙන් ජලය තදින් දූෂණය වී ඇති බව හෙළි වී ඇත. එම නිසා වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කඩිනම් විසඳුම් ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට දන්වා සිටීමට මෙහිදී අමාත්‍යවරයා පියවර ගත්තේය.
ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය, දිනෙන් දින වැඩිවන ජනගහණයට සාපේක්ෂව පානීය ජල පහසුකම් ලබා දීමේ අභියෝගයට මුහුණ පා ඇත. එහෙත් 2014 වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ මුළු ජනගහණයෙන් වැඩි ප්‍රමාණයට පානීය ජලපහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙන අතර 2040 වනවිට වැඩිවෙතැයි අපේක්ෂාකරන ජනගහණයට සාපේක්ෂව වර්තමානයේ සියලු ජල ව්‍යාපෘතිවල සැලසුම් නිර්මාණය කිරීමට ජලසම්පාදන මණ්ඩලය කටයුතු යොදා ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අම්පාර දිස්ත්‍රික්කයේ පානීය ජල හිඟය දුරු කිරීම සඳහා විවිධ රජයන් මඟින් ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කොට තිබුණත්, දිනෙන් දින වැඩිවන ජනගහණයට සාපේක්ෂව පානීය ජලය සැපයීමට නොහැකි වී ඇති බව සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරුන් වන ඉන්දික ගුණවර්ධන හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ද ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසඳීමටඑ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ බව මතක් කළ අමාත්‍යවරයා නව රජය යටතේ තමන්ටත් විශාල වගකීමක් හා අභියෝගයක් තිබෙන බවත් අවධාරණය කළේය.
තවදුරටත් පානීය ජලය සැපයීමේ ඉලක්කය සපුරා ගැනීමට සෑහෙන වැඩ කොටසක් කළ යුතු බවත් වර්තමාන දේශපාලනයේ නොයෙකුත් හැලහැප්පීම් මත ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් දුන් පොරොන්දු ඒ ලෙසම ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කියා සිටියේය.
SDF