දිස්ත්රික් මට්ටමින් පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මස පැවති තරඟයෙන් ජයග්රහණය කළ තරඟකරුවන් මෙසේ ජාතික තරඟ නියෝජනයට සුදුසුකම් ලබා සීටි. ඒ අනූව මෙවර තරඟකරුවන් 19 දෙනෙකු නුවරඑළිය දිස්ත්රික්කය නියෝජනය කරමින් තරඟ සඳහා ඉදිරිපත් වීමට නියමිතය. චිත්ර නිර්මාණය, ජන නැටුම්, නව නැටුම් නිර්මාණ, දේශීය බෙර වාදන සහ සරල ගී යන තරඟ අංශ නියෝජනය කරමින් මෙම තරඟ කරුවන් ඉදිරිපත් වී සිටිති.
ප්රජා මූලික පුනරුත්ථාපන ජාතික වඩසටහන යටතේ පුනරුත්ථාපනය වූවන් මෙසේ ස්වකීය ජීවිතයේ ස්වාධීන අඩිතාලම සකසා ගෙන තිබේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව සමබන්ධීකරණ දායකත්වය මත මෙම කලා උළෙල සංවිධානය කරයි.
MAP/SH_dmu_n'eliya