නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට පියවර

    අප්‍රේල් 27, 2015

    ගාල්ල දිස්ති‍්‍රක්කය තුළ ඇති අබලන් ග‍්‍රාමීය මාර්ග 66 ක් කාපට් කර සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කෙරේ.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ මහාමාර්ග ඇමති කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත මහාමාර්ග අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කිරීමට යෝජිත ගාල්ල දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය මාර්ග කිලෝ මීටර් 197ක් කාපට් කිරීම සිදු කිරීමට නියමිතය.

     

    මැතිවරණ කොට්ඨාසයකට මාර්ග සංවර්ධනය වෙනුවෙන් රජය මගින් ලබාදෙන රුපියල් ලක්ෂ 300ක මුදලට අමතරව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරේ.

     

    ජනමාධ්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ සංවිධානයෙන් මෙම ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

     

    පාර්ලිමේන්තු සංකීර්ණයේ ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ජනමාධ්‍ය අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

    මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උග්ගීග වීරසිංහ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ව්‍යාපෘති) අමරසේකර යන මහත්වරු ඇතුළු ප‍්‍රධාන නිළධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya