නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහරගම අතුරු මාර්ග බස් ධාවනය ඇරඹේ

    අප්‍රේල් 26, 2015
    මහරගම ප්‍රදේශයේ බස්රථ ධාවනය නොවන මාර්ග තෝරගෙන අදාළ මාර්ගවලට පොදු ප්‍රවාහන පහසුකම් ලබාදීමේ සැලැස්ම යටතේ අතුරුගිරියේ සිට රුක්මල්ග දක්වා නව ලංගම බස් රථයක් ඊයේ (25) අතුරුගිරියේ සිට රුක්මල්ගම දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇති බව මහරගම ආසනයේ  එක්සක් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
     
    ප්‍රධාන නගරයක් ලෙස සැලකෙන මහරගම නගරයේ හා එම මැතිවරණ කොට්ටාසයේ අතුරු මාර්ගවල පොදු ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව කාලයක් තිස්සේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටියහ.
     
    දකුණු අධිවේගී මාර්ග ඉදිකිරිමත් සමඟම ගාල්ල, මාතර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගරවලට මහරගම සිට බස්රථ ධාවනය කිරීමේ වසටහන යටතේ මෙතෙක් බස්රථ ධාවනය නොකරන දිවයිනේ ප්‍රධාන නගර හඳුනාගෙන එම නගරවලටද මහරගම සිට බස්රථ ධාවනය කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම කෙරෙහිද  අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.
     
    මෙහි පළමු පියවර යටතේ මහරගම සිට අනුරාධපුරය දක්වා බස්රථ ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
     
    දැනට පුද්ගලික බස්රථ පමණක් ධාවනය කරන මහරගම සිට වෙනත් අතුරු මාර්ගවල රාත්‍රී කාලයේ බස් රථ ධාවනය නොවීම සමබන්ධව මහජනතාවගෙන් ලැබී ඇති තොරතුරු පදනම් කරගෙන එම මාර්ගවල ලංගම බස්රථ ධාවනය කිරීම සමබන්ධව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයි මහරගම මැතිවරණ කොට්ටාස සංවර්ධන කාර්යාලය පවසයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya